විපතට පත්වූවන්ගේ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සදහා තවදුරටත් නාවික හමුදාවේ සහාය
ගංවතුරින් විපතට පත් ජනතාව අවතැන් කඳවුරු වලින් ඉවත් වී නැවත තම නිවාසයන් කරා පැමිණෙමින් පවතින අතර, මේ වන විට ඔවුහු සිය ජීවීතය සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට කටයුතු කරමින් සිටීති. ජල ගැලීම් හේතුවෙන් ඔවුන්ගේ ළිං තුළ වූ ජලය ඉතා අපිරිසිදු තත්ත්වයක පැවතිම හේතුවෙන් ළිං 70 ක් පමණ පිරිසිදු කිරීමටත්, ජලය බැස යන ඇල මාර්ග 7 ක් නිසි ලෙස පිළිසකර කිරීමටත් ශ්‍රී ලංකා නාවික හමුදා සහන කාණ්ඩායම් කටයුතු කරන ලදි.
මෙම කාර්යය සඳහා නාවිකයන් 320 දෙනෙකු යොදවා ඇත. ඒ අනුව ගංවතුරින් අලාභහානියට පත් ඉහළ බෝමිරිය, වැලිවිට, මුල්ලේරියාව හා උඩමලුව ප්‍රදේශ ආවරණය වන පරිදි 63 දෙනෙකුගෙන් යුත් කාණ්ඩායමක්ද, මුල්ලේරියාව හා කඩුවෙල ප්‍රදේශ ආවරණය වන පරිදි නාවිකයන් 222 කින් යුත් කාණ්ඩායමක්ද අංගොඩ ප්‍රදේශ ආවරණය වන පරිදි 35 දෙනෙකුගෙන් යුත් කාණ්ඩායමක්ද මෙම කාර්යය සාර්ථක කර ගැනිම සදහා යොදවා තිබුණි. මෙමගින් මෙම ප්‍රදේශයේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉතා කඩිනමින් යථා තත්ත්වයට ගැනිමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.























