නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 29 ක් නාවික හමුදා අත්අඩංගුවට
ලද තොරතුරකට අනුව ගිණිකොන නාවික විධානයට අයත් ඔලුවිල් නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (29) පී 225 සහ පී 143 වේග ප්‍රහාරක යාත්රාවන්ගේ ද සහාය ඇතිව කල්මුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් බහුදින ධීවර යාත්‍රාවක්, ට්‍රෝලර් යාත්‍රාවක්, ඩිංගි යාත්‍රා 2 ක්, ලී ඔරු 4 ක්, ඔක්සිජන් සිලින්ඩර් 33 ක් සහ කිමිදීම සඳහා යොදා ගන්නා ඇස් ආවරණ 10 ක් අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අඩ්ඩලච්චේන ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


