නුවර වැවේ ක්‍රියා විරහිත වූ සොරොව්ව පිළිසකර කිරීමට නාවික හමුදාව කටයුතු කෙරේ
අනුරාධපුර, නුවර වැවේ ප්‍රධාන සොරොව්වේ එක් දොරටුවක් ක්‍රියා විරහිත තත්ත්වය පත්වීම හේතුවෙන් එය නැවත පිළිසකර කිරීමේ කටයුතු පසුගිය 29 වන දින තලෙයිමන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයන් පිරිසක් විසින් ආරම්භ කරන ලදී.
සොරොව්වේ දොර පියන සහ එසවුම් ආධාරකය ක්‍රියා විරහිත වීම එහි පාලන කටයුතු අඩපණ වීමට හේතු වූ අතර, පසුගිය දින කීපය තුල එම නාවිකයන් විසින් අඩි 22 ක් පමණ ගැඹුරින් යුත් ප්‍රධාන සොරොව්ව පිහිටි ස්ථානයේ කිමිදී නැවතත් එම සොරොව්ව ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීම සඳහා මහත් වෙහෙසකර ප්රයත්නයක නියැලන ලදී. එහි ප්‍රථිපලයක් වශයෙන් ඔවුන් හට අද (31) දින එම කර්තව්‍ය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබුණි.









