නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (02) සේරුනුවර, උල්කාලි කලපු මෝය අාශ්රිත ප්රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්රාවක්, නීතිවිරෝධී තංගුස් දැලක් (සුරුක්කු දැලක්), කිමිදීම සඳහා යොදා ගන්නා ඇස් ආවරණයක් හා පාවරල් යුගලක් අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සේරුනුවර පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.



