“ද සිනමන් ඔප්ටිමිස්ට් ඒසියන් ඇන්ඩ් ඕෂිඒනියන් චැන්පියන්ෂිප් - 2016” රුවල් යාත්‍රා තරඟාවලියේ තිළිණ ප්‍රදානයට නාවික හමුදාධිපතිතුමන් එක්වේ
ශ්‍රි ලංකා ජාතික රුවල් යාත්‍රා සංගමය (YASL) විසින් සංවිධානය කරනු ලැබූ “ද සිනමන් ඔප්ටිමිස්ට් ඒසියන් ඇන්ඩි ඕෂිඒනියන් චැන්පියන්ෂිප් - 2016” රුවල් යාත්‍රා තරඟාවලිය මැයි මස (28) දින සිට ඊයේ (4) දින දක්වා ත්රිකුණාමළය නිළාවේලි වෙරළතීරය අාශ්‍රිතව පැවැත්විණි. මෙම තරගාවලිය සදහා රටවල් 16 ක් නියෝජනය කරමින් අවුරුදු 15 ට අඩු අාසියා ශාන්තිකර කළාපයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 112 දෙනෙකු සහභාගී විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ යමුනා විජේගුණරත්න මැතිණිය සහභාගි විය.
තරඟාවලිය රන් කණ්ඩායම හා රිදී කණ්ඩායම වශයෙන් අංශ දෙකක් යටතේ පැවති තරඟ ඉසව් වලින්, රන් කණ්ඩායමේ ජයග්‍රහනය මොහමඩ් ඩැනියල් යසීඩි විසින් දිනා ගත් අතර, රිදී කණ්ඩායමේ ජයග්‍රහනය මොහමඩ් අබ්දුල්ලාහ් විසින් දිනා ගනු ලැබුහ. නාවික හමුදාධිපතිතුමන් විසින් ජයග්රාක ජයග්‍රාහිකාවන් වෙත ත්‍යාග සහ තිළිණ ප්රදානය සිදු කළේය.
මෙම අවස්ථාවට නැගෙනහිර විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, නාවික හමුදා ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරින් පිරිසක් සහ දෙස් විදේස් රුවල් යාත්‍රා සංගම් වලට අයත් නිලධාරින් හා ක්‍රිඩකයින් රැසක් සහභාගි වු අතර, නාවික හමුදා සංස්කෘතික කණ්ඩායමේ නර්තන අංගයන් රැසකින් උළෙල අලංකාරවත් විය.































