ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනේ
තලෙයීමන්නාරමට උතුරු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ටෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද අඵයම (9) අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ඉදිරි කටයුතු සඳහා තලෙයීමන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදී.



