නාවික හමුදාව මගින් පැවැත්වූ භූජලතරණ පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය අප්‍රේල් මස 27 වන දින මුල්ලිකුලම, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේදී ආරම්භ කෙරුණු භූජල තරණ පාඨමාලාවේ දෙවන අදියරේ නිමාව සනිටුහන් කිරීමේ අභ්‍යාසය පසුගිය 9 වන දින වාකරේ, ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට ආසන්න මුහුදූ තීරයේදී පැවැත්විණි.
සති 7 ක් පුරා පැවැති මෙම අභ්‍යාසය සඳහා නිලධාරීන් 11 දෙනෙකු සහ නාවිකයන් 108 දෙනෙකු සහභාගී වූ අතර, කුඩා යාත්‍රා උපයෝගී කර ගනිමින් මුහුදින් ගොස් ගොඩබිම ඇති සතුරු කදවුරු පවතින ප්‍රදේශයන් ආක්‍රමණය කර ඒවා විනාශ කරමින්, කදවුරු බැද ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමේ ප්‍රායෝගික අභ්යායන් එහිදී සිදු කෙරෙණි. මෙම අභ්‍යාසයන් සඳහා යුධ සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද සහභාගී විය. අභ්‍යාසයේ අවසන් කිරීමේ අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, පාඨමාලාව භාරව කටයුතු කරන ලද නාවික හමුදා ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂක, කොමදෝරු උදේනි සේරසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් රැසක් එක්වී සිටියහ.






















