තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත් සාම්පූර්, ශ්රී ලංකා නාවික නෞකා විදුර ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (12) සාම්පූර් ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයන් 23 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්රා 3 ක්, තහනම් දැල් 3 ක් සහ කිමිදීම සඳහා යොදා ගනු ලබන මුහුණු ආවරණ 2 ක් ද අත්අඩංගුවට පත් විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි කටයුතු සඳහා මූතූර් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.




