සාලාව අවි ගබඩා පිපිරීමෙන් විනාශ වූ කොස්ගම රජයේ රෝහල පිළිසකර කිරීමට නාවික හමුදාවේ සහාය
පසුගිය දින සාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාවේ සිදු වූ පිපිරීම හේතුවෙන් විනාශ වූ කොස්ගම රජයේ රෝහල නැවත පිළිසකර කිරීමේ කටයුතු නාවික හමුදාව විසින් ඊයේ (12) රාත්‍රී ආරම්භ කරන ලදී.
මෙම කර්තව්‍ය සඳහා නාවික පුද්ගලයන් 250 කට ආසන්න පිරිසක් යොදවා ඇති අතර, විනාශයට පත් රෝහලේ සියළුම පිළිසකර කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතී. ඒ අනුව අලාභහානියට පත්වූ රෝහලේ සියළුම ස්ථානයන් කඩිනමින් අළුත්වැඩියා කර යථා තත්ත්වයට පත් කොට අද (13) දින ඇතුළත එය නැවත රෝහල් කාර්යය මණ්ඩලය වෙත භාර දී සාමාන්‍ය පරිදි දෛනික ප්‍රථිකාර කටයුතු සිදු කිරීමට අවස්ථාව උදා කර දීමට නාවික හමුදාව අපේක්ෂා කෙරේ.





















