නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත් කුචිචවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වලගම්බා ආයතනයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (14) කුචිචවේලී ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවන් 02 ක්, නීතිවිරෝධී තංගුස් දැලක් (සුරුක්කු දැලක්) හා පාවරල් යුගලක් අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කුචිචවේලි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.



