නාවික හමුදාධිපතිතුමන් විසින් කැබිතීගොල්ලැවේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
වකුගඩු රෝගය වළකාලීම සඳහා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී. එහි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් කැබිතීගොල්ලැව ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් (RO Plant) අද (15) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විවෘත කරන ලදී.
එම අවස්ථාවට සහභාගිවු පිරිස අමතා නාවික හමුදාව විසින් මෙම කාර්තව්යය තව දුරටත් සිදු කර ගෙන යන බව අවධාරණය කළේය. එතුමන් විසින් වැඩිදුරටත් කියා සිටියේ, “මෙම ප්‍රදේශය පසුගිය යුධ සමයේදි, දැඩි ලෙස ත්‍රස්තවාදින්ගේ පිඩාවට පත් වු ප්‍රදේශයක් බව අපි දන්නවා, රටම කම්පාවට පත් කරමින් අහිංසක සිවිල් වැසියන් 68 දෙනෙකුගේ ජිවිත විනාශ කළ කැබීතිගොල්ලැව ප්‍රහාරය එල්ල කොට අදට හරියටම දස වසරක් සම්පුර්ණ වන මේ මොහොතේදි අප එම වැසියන්ද සිහිපත් කරනවා. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් අප රට වෙලාගෙන තිබෙන වකුගඩු රෝගී තත්ත්වය නමැති බිහිසුණු තත්ත්වය මැඩ පැවැත්වීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටිනවා. ඒ සදහා ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කොට තිබෙන අතර, එමගින් අතිවිශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටිනවා. මෙම කර්තව්‍යට උරදෙමින් ශ්‍රි ලංකා නාවික හමුදාවද මෙවැනි ක්‍රියා මගින් රටට සේවය සැලසිමට ලැබීම සතුටට කරුණකි. ඔබ දන්නවා පසුගිය යුධ සමයේ දී යුද හමුදාව විසින් මහත් යුධ බල ඇණි යොදවා ගනිමින් යුද්ධයට දායක වු බව. නාවික හමුදාව ලෙස අපද එම අවස්ථාවන්හි දී කුඩා බෝටිටු සංකල්පය හදුන්වා දෙමින් කුඩා යත්‍රා උපයෝගී කර ගෙන මුහුදේ මෙහෙයුම් සිදු කරමින්, මානුෂිය මෙහෙයුම් සංදිස්ථානයක් සනිටුහන් කරමින් මහත් පරිවර්තනයක් කරන්නට සමත් උනා. ඒ වාගේම ජාතික වශයෙන් කරගෙන යන මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනිම සදහා අපද මෙවන් වු කුඩා ව්‍යාපෘති ක්‍රියාත්කම කරමින් ඔබ සැමට සේවය සැලසීමට කැප වී සිටින බව මතක් කරන්නට කැමැත්තෙමී” වශයෙනි.
වකුගඩු රෝගය බහුලව පවතින මෙවැනි ප්‍රදේශයන් සඳහා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල දැඩි අවශ්‍යතාවයක් පවතීන බැවින් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරන ලදී. මෙමගින් ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ අවස්ථාව සැළසී ඇත.
මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සහ එය ස්ථානගත කිරීම සඳහා යොදා ගන්නා ගොඩනැගිල්ල සාදා නිම කිරීමට රුපියල් 1,390,000 ක මුදලක් වැය විය. ඒ සඳහා නාවික හමුදාවට රුපියල් 1,025,000 ක මුදලක් වැය වූ අතර, රුපියල් 3,70,000 ක (ඇමරිකානු ඩොලර් 2500 ක) මුදල ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන කොළඹ, රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යන්ගේ එකමුතුව මගින් ප්රදානය කරන ලදී. ඒ අනුව ආදී රාජකීයයන්ගේ පරිත්‍යාගය ද මෙම සමාජ මෙහෙවර ඉතා සාර්ථකව ඉටු කිරීමට මනා පිටිවහලක් විය.
















