නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් කයිට්ස් දූපතේ පිහිටි ශ්රී ලංකා නාවික නෞකා කන්චදේව ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) පුංකුඩුතිව් දූපතට ගිණිකොන දෙසින් වූ මුහුදු සීමාවේ තහනම් දැල් (තංගුස්) යොදාගනිමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්රා 2 ක්, වල්ලමක් සහ නීතිවිරෝධී දැල් 2 ක් අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.


