වැදගත් සිදුවීම්
නාවික පුද්ගලයින්ගේ දුවාදරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්රදානය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ

නාවික රණවිරුවන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්රදානය කිරීම අද (16) කොළඹ, නාවික හමුදා මූලස්ථාන අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර, එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.
17 Jun 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් කයිට්ස් දූපතේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කන්චදේව ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) පුංකුඩුතිව් දූපතට ගිණිකොන දෙසින් වූ මුහුදු සීමාවේ තහනම් දැල් (තංගුස්) යොදාගනිමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
16 Jun 2016
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ

ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද අළුයම (16) අත්අඩංගුවට ගන්නා ලදී.
16 Jun 2016