පුත්තලම කොහු කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මැඩපැවැත්විමට නාවික හමුදා සහය
පුත්තලම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ වයඹ නාවික විධානයට අයත් පුත්තලම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් පසුගිය 15 වන දින මදුරන්කුලිය ප්‍රදේශයේ කොහු කාර්මාන්ත ශාලාවක ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වීම සඳහා එක්විය. ශ්‍රී ලංකා යුද හමුදාව, පොලීසිය සහ පුත්තලම ප්‍රාදේශීය සභාවේ ගිනි නිවීමේ කණ්ඩායම එක්ව මෙම කර්තව්‍ය සිදු කරන ලද අතර, නාවික හමුදා ගිනි නිවන රථයක් සහ ජල බවුසර් යොදා ගනිමින් ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට එහිදී ඔවුන්ට හැකි විය.



