ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් “පර්ත් ” නෞකාව කොළඹ වරායට පැමිණේ
ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් පර්ත් නෞකාව අද (19) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. නාවික සම්ප්‍රදායන්ට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
එම නෞකාව ජුනි මස 23 වන දින දක්වා දිවයිනේ රැදී සිටීමට නියමිත අතර, ද්විපාර්ශ්වීය මිත්‍රත්වය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් සහ නාවික අභ්‍යාසයන් රාශ්‍රියක් සඳහා ද එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතය.




