අනතුරට පත් කැස්බෑවුන් සිව් දෙනෙකු බේරා ගැනේ
උතුරු මැද නාවික විධානයට අයත් තලෙයිමන්නාරම, ශ්රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය 18 වන දින මාළු දැලක පැටලී සිටි කැස්බෑවන් සිව් දෙනෙකු බේරා නැවත මුහුදට මුදා හැරීමට කටයුතු කරන ලදී. එදින ක්රියාත්මක කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකදී මෙම කැස්බෑවුන් සොයා ගැනීමට සමත් වී ඇති අතර, වහාම ක්රියාත්මක වූ නාවික පුද්ගලයන් කඩිනමින් ඔවුන් මුදවා ගැනීමට කටයුතු කර ඇත.





