ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා පර්ත් නෞකාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
පසුගිය 19 වන දින සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් පර්ත් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඉවාන් ඉන්ගම් මහතා අද (21) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
එහිදී ඔවුන් ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක කපිතාන් ජේසන් සියර්ස් මහතා ද එම අවස්ථාව සඳහා සහභාගී විය. මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද එහිදී සිදු කෙරිණි.







