කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ට නාවික හමුදාවෙන් සත්කාර
කතරගම පූජා භූමිය වන්දනා කිරීම සඳහා යාපනයේ සිට පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන් කෙට් විවේකයක් ලබා ගත් අවස්ථාවේදී ඔවුන්ට ආගන්තුක සත්කාර සිදු කිරීමට ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, කොමදෝරු සුමිත් වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් ඊයේ (21) කටයුතු කරන ලදී. එහිදී ඔවුන්ට අවශ්‍ය පානීය ජල බෝතල්, ආහාර ද්‍රව්‍ය සහ වෛද්‍ය පහසුකම් ලබා දීම සිදු කෙරිණි.








