නාවික හමුදාව විසින් ඉදිකල නව ගෘහ විද්‍යාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කෙරේ
යාපනය, මාදගල් හි පිහිටි නුනසායි විද්‍යාලයේ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරළීම සඳහා නාවික හමුදාව විසින් අභිනවයෙන් ඉදිකළ ගෘහ විද්‍යාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය ඊයේ (22) උතුරු නාවික විධාන අඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම පාසල්භූමියේදී ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
නූනසායි විද්‍යාලයේ විදුහල්පති කේපී සිවනේෂන් මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම නව ගෘහ විද්‍යාගාර ගොඩනැගිල්ල සියළු පහසුකම් වලින් සමන්විත වන ලෙස සාදා නිම කර ඇත. අඩු ආදායම් ලාභී පවුල් ජීවත් වන ප්‍රදේශයක පිහිටා ඇති එම විද්‍යාලයේ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කර ගෙන යාම සඳහා පැවති තාවකාලික ගෘහ විද්‍යාගාර ගොඩනැගිල්ල වෙනුවට, නාවික හමුදාව විසින් ඉවුම් පිහුම් උපකරණ සහිත නවීන ගෘහ විද්‍යාගාර ගොඩනැගිල්ලක් තම පාසල වෙත ලබා දීම සම්බන්ධයෙන් දරු දැරියන්, ගුරුවරුන් මෙන්ම දෙමාපියන් ද නාවික හමුදාවට සිය හෘදයාංගම ස්තුතිය එහිදී පුද කරන ලදී. එම විවෘත කිරීමේ උත්සවයට සමගාමීව දරු දැරියන් සඳහා පාසැල් උපකරණ බෙදාදීමක්ද සිදු කෙරුණු අතර, විද්‍යාලයේ ගුරුභවතුන්, දරු දැරියන් ඇතුළු දෙමාපියන් විශාල පිරිසක් සහ උතුරු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් රැසක් එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.






