අනතුරට පත් ඉන්දීය ධීවරයන්ට නාවික හමුදාවේ සහාය
උතුරු නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (23) එන්ජිම ක්රියා විරහිත වීම හේතුවෙන් ශ්රී ලංකාවට අයත් මුහුදු තීරයේ පාවෙමින් තිබූ ඉන්දීය ධීවර යාත්රාවක සිටි ධීවරයින් 5 දෙනෙකු බේරා ගැනීමට සමත් විය.
ඔවුන් තොන්ඩමනාරු ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේදී සොයා ගත් අතර, ධීවර යාත්රාව කන්කසන්තුරය වරායට රැගෙන ඒමෙන් පසු, ඉන්දීය ධීවරයින් පිරිස ඉදිරි කටයුතු සඳහා යාපනය සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි. .



