බලපත්ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත්, මන්ඩතිව් හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (24) පලෙයිකුඩා මුහුදු තීරයේ බලපත්ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී ඩිංගි යාත්රා 2 ක් සහ මුහුදු කූඩැල්ලන් 142 ක් ද අත්අඩංගුවට ගන්නා ලද අතර, එම පුද්ගලයන්, යාත්රා සහ මුහුදු කූඩැල්ලන් තොගය නීතිමය කටයුතු සඳහා පූනරින් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

