ශ්රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
කුදිරමලෙයි තුඩුවට වයඹ දෙසින් වූ ශ්රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ධීවර යාත්රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (4) අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්රාව ඉදිරි කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

