“නැංගුරම” වාර්ෂික සඟරාවේ පළමු පිටපත නාවික හමුදාධිපතිතුමා හට පිරිනැමේ
නාවික හමුදා සංගමය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන නැංගුරම සඟරාවේ 2016 කළාපය අද (7) එහි සභාපති කපිතාන් (විශ්‍රාමික) අශෝක විජේගුණවර්ධන මහතා විසින් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිරිනමන ලදී.
නාවික හමුදාවේ ඉතිහාසය, වික්‍රමාන්විත ක්‍රියා, ගද්‍ය සහ පද්‍ය නිර්මාණ මෙන්ම කාලීන සිදුවීම් රැසක් අන්තර්ගත මෙම සඟරාව නාවික මෙන්ම සිව්ල් පුද්ගලයන්හටද මනා දැනුමක් ලබා ගත හැකි කෘතියක් ලෙස සඳහන් කළ හැක.


