උතුරු දුපත්වල පාසල් සිසුන්ගේ අවසන් මහා පාපන්දු තරඟයෙන් පුන්කුඩුතිව් කණ්ඩායමට ජය
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් පරිදි යාපනය ආර්ධද්වීපයේ කරෙයිතිව්, එලිවතිව්, අනලතිව්, නයනතිව්, පුන්කුඩුතිව්, මණ්ඩතිව්, සහ ඩෙල්ෆ්ට් යන දුපත්වල පාසල් සිසුන් වෙනුවෙන් පාපන්දු පුහුණු කඳවුරු කිහිපයක් 2016 මැයි මස 2 දින සිට පළපුරුදු පාපන්දු පුහුණුකරුවෙකු වන විශ්‍රාමික ලුතිනන් සුකුමාරන් මහතාගේ මුලිකත්වයෙන් පැවැත්විණි. මෙම කඳවුරු පැවැත්විමේ ප්‍රධාන අරමුණ වුයේ යාපනය ආර්ධද්වීපයේ දුපත්වල දරුවන්ගේ පාපන්දු කුසලතා වර්ධනය සහ යාපනය පාපන්දු කාණ්ඩායම සදහා ක්‍රිඩයින් තෝරා ගැනීම වේ.
මෙම පාපන්දු පුහුණු වැඩසටහන යටතේ වයස අවුරුදු 15 න් පහළ පාපන්දු කාණ්ඩාමක් ස්ථාපිත කිරිමේ අරමුණින් පැවති පුහුණු වැඩසටහන් මලාවට සම්බන්ධ වු දුපත් කාණ්ඩායම් අතරින් අවසන් මහා තරගය ඊයේ (8) යාපනය වඩුක්කෝඩෙයි විද්‍යාල ක්‍රීඩාපිටියේදි පැවැත්විණි. ඒ සදහා සහභාගි වු කාණ්ඩායම් 7 ක් අතරින් පුන්කුඩුතිව් සහ කරෙයිතිව් දුපත් කාණ්ඩායම් අතර පැවති අවසන් මහා තරඟයෙන් පුන්කුඩුතිව් දුපත් කාණ්ඩායම ගෝල 4 – 1 ක් ලෙස ජයග්‍රහනය කරන ලදි.
තරඟාවලියේ ජයග්‍රාහී කාණ්ඩායම් වෙත තිළිණ, සහතිකපත් සහ ත්‍යාගයන් මෙම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් සහභාගි වු රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් ප්රදානය කළ අතර මෙම කාර්තව්‍ය සංවිධානය කිරිම වෙනුවෙන් දරුදැරියන් සහ ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ද නාවික හමුදාවට සිය හෘදයන්ගම ස්තුතීය එහිදි පුද කරන ලදි. එම අවස්ථාව සදහා මෙම ප්‍රදේශයේ ක්‍රිස්තියානි සහ හින්දු පුජකවරුන්, ගුරුවරුන්, දරුදැරියන්, දෙමාපියන්, ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහ උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් ද සහභාගි වි සිටියහ.











