නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරුමැද නාවික විධානයට අයත් නච්චිකුඩාහි පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා බුවනක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (12) මුඩ්ඩලම්පිඩ්ඩි ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි. එහිදි ඩිංගි යාත්රාවන් 7 ක් සහ මසුල් ඇල්ලීම සඳහා යොදා ගත් තහනම් දැල් 8 ක් අත්අඩංගුවට පත් විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.







