බලපත්ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත්, මන්ඩතිව් හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (14) මන්ඩතිව් හා කල්මුණේ තුඩුව මුහුදු තීරය අතර බලපත්ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී මුහුදු කූඩැල්ලන් 18 ක්, පාවරල් යුගල් 4 ක් සහ කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 4 ක් අත්අඩංගුවට ගන්නා ලදි. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනේ ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


