ආරක්ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලියේ ජයග්‍රහනය නාවික හමුදාව සතු වෙයි
2016 ආරක්ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ ප්‍රධානත්වයෙන් පසු ගිය 16 වන දින කුච්චවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයට ආසන්න වෙරළ තීරයේදී පැවැත්විණි. යුධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඒ සඳහා සහභාගී වූ අතර, එහිදී, සමස්ථ තරඟාවලියේ ජයග්‍රහනය අත්කර ගැනීමට නාවික හමුදාව සමත් විය. නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු මෙරිල් සුදර්ශණ මහතා, ත්‍රිවිධ හමුදාවන් නියෝජනය කරමින් නිලධාරීන් රැසක් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.











