අසාධ්‍ය රෝගීයෙකු බේරා ගැනීම සඳහා නාවික හමුදාව සහාය වෙයි
ශ්‍රී ලංකාවට අයත් දකුණු දිග ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල යෙදී සිටි සුබෝධා III නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි රෝගියෙකු රෝහල කරා රැගෙන යාම සඳහා ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව ඊයේ (19) කටයුතු කර ඇත. අසාධ්‍ය රෝගී තත්ත්වයේ සිටින ධීවරයෙකු පිළිබදව චන්ද්‍රිකා දුරකථන ඔස්සේ නාවික හමුදා මූලස්ථාන මෙහෙයුම් මැදිරියෙන් ලබා දුන් තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමල නෞකාව මෙකී මෙහෙයුම සඳහා දායක විය.
ඒ අනුව එදින මධ්‍යම රාත්‍රියේ ගාල්ලේ සිට නාවික සැතපුම් 150 ක් පමණ දකුණින් වූ ගැඹුරු මුහුදේ දී සුබෝධා III යාත්‍රාවේ සිටි රෝගී ධීවරයා නෞකාව වෙත කඩිනමින් ලබාගෙන ඔහුට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදීමට කටයුතු කරන ලදී. රළු මුහුදු තත්ත්වය හා විජලනය හේතුවෙන් අසාධ්‍යව සිටි රෝගී ධීවරයා ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව ගොඩබිම වෙත පිටත්කර යැවීම සඳහා අද (20) උදෑසන ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 2 ක් පමණ දුරකදී P 435 දරණ වේග ප්‍රහාරක යාත්‍රාව වෙත භාරදීමට කටයුතු කරන ලදී.





