ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
ජපාන නාවික හමුදාවට අයත් “ඉනසුමා” සහ “සුසුට්සුකි” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (24) කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී.
මෙම මස 25 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත මෙම නෞකාවන්, වෘත්තීමය නිපුණත්වයන් හුවමාරු කරගැනීම හා මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව සමග නාවික අභ්‍යාසයක නිරතවීමට ද නියමිතය.







