ඇමරිකානු නාවික හමුදාවේ "නිව් ඔර්ලීන්ස්" යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි
ඇමරිකානු නාවික හමුදාවට අයත් නිව් ඔර්ලීන්ස් යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (24) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
දින 6ක නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහභාගී වීමට නියමිතය. ඒ අනුව නාවික හමුදා ක්‍රීඩා කණ්ඩායම් සමග වැලිසර නාවික කඳවුරේ දී ක්‍රිකට්, බේස්බෝල්, පැසිපන්දු, අත්පන්දු සහ පාපන්දු තරඟ කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී වනු ඇත. තවද, එම කාල සීමාව ඇතුළත නිව් ඕර්ලීන්ස් නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව නාවික අභ්‍යාසයන් කීපයක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර ඇති අතර, එම නෞකාව ජූලි මස 29 වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතය.



