ජපන් නාවික හමුදා “ඉනසුමා” සහ “සුසුට්සුකි” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
ජපාන නාවික හමුදාවට අයත් “ඉනසුමා” සහ “සුසුට්සුකි” යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා ඊයේ (24) කොළඹ වරායට සේන්දු විය. ඒ අනුව ජපන් නාවික හමුදාවේ හතර වන ආරක්ෂක ඒකක අණදෙන නිලධාරී කපිතාන් අට්සුහි මිනාමි මහතා, නෞකා ද්විත්වයේ අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් සොයිච්රෝ ටෂිරෝ සහ කොමාණ්ඩර් කෙන්ටාරෝ නකයාමා යන නිලධාරීන් අද (25) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජ්ගුණරත්න මහතා හමුවිය.
එහිදී ද්විපාර්ශික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් සුහද සාකච්ඡාවක නිරතවුණු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් මොටොට්ෂුගු ශිගෙකාවා මහතා ද එම අවස්ථාව සඳහා සහභාගී විය. එම නෞකාවන් අද (25) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.




