ඇමරිකානු නාවික හමුදාවේ නිව් ඔර්ලීන්ස් නෞකාවේ කාර්යය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර සුහද ක්‍රීඩා තරාගාවලියක් කොළඹදී
සුහද සංචාරයක් සඳහා පසුගිය 24 වන දින දිවයිනට පැමිණි ඇමරිකානු නාවික හමුදාවට අයත් නිව් ඔර්ලීන්ස් යුද නෞකාවේ කාර්යය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා කණ්ඩායම් එක්ව ඊයේ (25) සහ අද (26) වැලිසර නාවික හමුදා ක්‍රීඩාපිටියේදී සුහද ක්‍රීඩා තරඟ කීපයක් පවත්වන ලදී.
ඒ අනුව, බේස්බෝල්, පැසිපන්දු සහ අත්පන්දු යන තරඟ එහිදී පැවැත්වූ අතර, දෙරටේ ක්‍රීඩකයන් ඉතාමත් උනන්දුවෙන් හා උද්යෝගයෙන් යුතුව තම ක්‍රීඩා කෞශල්‍යයන් විදහා පාමින් එම ක්‍රීඩාවන්හි නියැලුණි. නිව් ඕර්ලීන්ස් නෞකාවේ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික හමුදා බේස්බෝල්, පැසිපන්දු සහ අත්පන්දු සංචිතයන්හි නිලධාරීන් සහ දෙරටේ නාවික හමුදාවන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම නාවිකයන් රැසක් එම අවස්ථාවන් සඳහා සහභාගී වී සිටියහ.








