රුසියානු නාවික හමුදාවේ "ඉගෝර් බෙලොසෝව්" නෞකාව කොළඹ වරායට පැමිණෙයි
රුසීයානු නාවික හමුදාවට අයත් සෝදිසි කිරීමේ හා මුදවාගැනීමේ නෞකාවක් වන ඉගෝර් බෙලොසෝව් නෞකාව සුහද සංචාරයක් සඳහා අද (27) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
දින 4 ක නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහ පුහුණු අභ්‍යාසයන් කීපයකට ද සහභාගී වීමට නියමිතය. එම නෞකාව ජූලි මස 30 වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතය.





