කේරළ ගංජා කිලෝග්‍රෑම් 9.3 ක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහාය වෙයි
කේරළ ගංජා කිලෝග්‍රෑම් 9.3 සමග පුද්ගලයන් සිව් දෙනෙකු ස්ථාන 3 කදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (26) සමත් විය. ඒ අනුව වැල්ලවත්ත පිහිටි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වරුණ ආයතනයට අනුයුක්ත බුද්ධි අංශ නාවිකයන් පිරිසක් විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමග පුද්ගලයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, එම පුද්ගලයන් සහ මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොටුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
තවද, කොළඹ වරායෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල සහ වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් වත්තල ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එම පුද්ගලයා සහ ගංජා තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා පෑලියගොඩ පොලිස් විශේෂ කාර්යය බළකාය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
එදිනම, තලයිමන්නාරම හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා සහ වංකාලෙ හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා පුස්සදේව යන ආයතනයන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පේසාලෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.1 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයට සහාය විය. එම පුද්ගලයා සහ ගංජා තොගය ඉදිරි කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දෙන ලදී.




