රුසියානු නාවික හමුදා "ඉගෝර් බෙලොසෝව්" නෞකාවේ අණදෙන නිලධාරී සහ නෞකා බලඝණ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු නාවික හමුදාවට අයත් ඉගෝර් බෙලොසෝව් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඇලෙස්කි ඒ.නේහුඩ්සෙව් මහතා සහ නෞකා බලඝණයේ අණදෙන නිලධාරී කපිතාන් මැක්සිම් එස්.අලලිකින් මහතා අද (27) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
එහිදී ඔවුන් ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද එහිදී සිදු කෙරිණි.




