නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාව සහාය වෙයි
ඉන්දියානු රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, මෙරට මුහුදු සීමාව උල්ලංගනය කරමින් ධීවර කටයුතු වල නිරතවීම හේතුවෙන් ශ්රී ලංකා අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ධීවරයන් 77 දෙනෙකු නිදහස් කර ඉන්දීය රජය වෙත භාරදීම අද (28) ශ්රී ලංකා නාවික හමුදාව සහාය ඇතිව සිදු කෙරිණි. එම ධීවරයින් පිරිස කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ රාණි අබ්බක්කා සහ අමෙයා යන නෞකාවන් වෙත භාර දීමට කටයුතු කෙරිණි. ශ්රී ලංකා නාවික නෞකා රණගජ, පී 481 වේග ප්රහාරක යාත්රාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ CG 47 යාත්රාව ඒ සඳහා සහභාගී විය.








