නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 19 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත් මුලතිව් හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (2) කොක්කුතුඩුවායි ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
එහිදී, ඩිංගි යාත්රා 4 ක් සහ මසුන් ඇල්ලීම සඳහා යොදා ගත් තහනම් දැල් 3 ක් ද අත්අඩංගුවට ගත් අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

