නව පත්වීම් ලද ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ලුතිනන් අට්සුබිරෝ මොරොරෙ මහතා අද (3) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
ලුතිනන් මොරොරෙ මහතා ජපාන ආරක්ෂක උපදේශක වශයෙන් පත්වීමෙන් පසු නාවික හමුදාධිපතිතුමන් හමුවූ පළමු නිල හමුව බවට එය සනිටුහන් විය. ප්‍රථමයෙන් ඔහු වෙත සිය සුභ පැතුම් එක් කිරීමට නාවික හමුදාධිපතිතුමා කටයුතු කළ අතර, ද්වි පාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් එහිදී ඔවුන් සුහද කථාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.




