නාවික හමුදාව SLT ස්පීඩ් අප් පාපැදි සවාරියේ ශූරතාවය දිනාගනියි
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් සංවිධානය කරන ලද SLT ස්පීඩ් අපි පා පැදි සවාරියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදාවේ සාමාන්‍ය නාවික දර්ශන ප්‍රසාද් සමත් විය. දින 5 ක් පුරා අදියර 6 ක් යටතේ පැවති මෙම තරඟාවලිය කිලෝමීටර් 780.5 ක සම්ස්ථ දුර ප්‍රමාණයක් ආවරණය වන පරිදි පවත්වා ඇත. එම ජයග්‍රහනයට අමතරව දක්ෂතම තරුණ පාපැදිකරු වශයෙන් සාමාන්‍ය නාවික සමන් අවිශ්ක ශූරතාවය දිනාගත් අතර, සමස්ථ කණ්ඩායම් අතර දෙවන ස්ථානය දිනා ගැනීමට ද නාවික හමුදා පාපැදි කණ්ඩායමට හැකියාව ලැබිණි.
එම ජයග්රහනයන් ලබා ගත් ශ්‍රී ලංකා නාවික හමුදා පාපැදි සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (3) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. මෙම ජයග්රහනයන් අත්කර ගනිමින් නාවික හමුදාවට කීර්තියක් අත්කර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට නාවික හමුදාධිපතිතුමන් සිය සුභාසිංශන එක් කළ අතර, එම ජයග්රහනයන් අත්කර ගැනීමට කැපවීමෙන් කටයුතු කළ නාවික හමුදා පාපැදි සංචිතයේ සභාපති, පුහුණුකරු ඇතුළු නිලධාරීන්හට සිය හෘදයාංගම ස්තුතිය පුද කිරීමට ද එහිදී නාවික හමුදාධිපතිතුමා කටයුතු කරන ලදී.











