නාවික හමුදාධිපතිතුමා උතුරු නාවික විධානයේ චාරිකාවක නිරත වෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (6) උතුරු නාවික විධානයේ නිරික්ෂණ චාරිකාවක නිරතවිය. එහිදී උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් නාවික හමුදාධිපතිතුමා පිළිගන්නා ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.
මෙම චාරිකාවාරය අතරතුරදී නාවික හමුදාධිපතිතුමා නාගදීප රජමහා විහාරස්ථානය වැදපුදා ගැනීමට කටයුතු කළ අතර, කීරමලෙයි හි පිහිටි නගුලේෂ්වරම් කෝවිලේ ආගමික වතාවත් සඳහා ද සහභාගී විය. ඉන් අනතුරුව එතුමා උතුරු නාවික විධානයට අයත් නාවික කදවුරුවල නිරික්ෂණ චාරිකා වාරයකද නිරිත වුහ. එහිදී නිලධාරින් සහ නාවිකයින් ඇමතූ එතුමන් ප්‍රකාශ කර සිටියේ ප්‍රදේශයේ සිවිල් ජනතාව සමග සම්බන්ධතාවයන් පවත්වා ගනිමින් ආරක්ෂක සහ ජාතික අරමුණු කරා ලගා වීම සඳහා නාවික හමුදා පුද්ගලයින් විසින් කරන ලද සේවයේ ඉතාමත් පැසසුම් සහගත බවයි. මුහුදේ මෙන්ම ගොඩබිමෙහි මෙහෙයුම් සඳහා සූදානම පවත්වාගැනීම සහ පැවරී ඇති අනෙකුත් රාජකාරීන් ඉටු කිරීම සදහා නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ කැපවීමද එහිදී එතුමාගේ ඇගයීමට ලක් විය.











