ප්‍රංශ නාවික හමුදාවේ “රෙවි” යුද නෞකාව ත්‍රිකුණාමලයට පැමිණෙයි
ප්‍රංශ නාවික හමුදාවට අයත් “රෙවි” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (15) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
නෞකාව නාවික තඨාකංගනයට පැමිණීමෙන් අනතුරුව එහි අණදෙන නිලධාරී ලුතිනන් ස්ටෙෆාන් කොන්ගියුස් මහතා නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, නැගෙනහිර ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු වී සුහද කතාබහක නිරත වූ අතර, නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු මෙරිල් සුදර්ශණ මහතා ඇතුළු එම විධානයේ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ. මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. “රෙවි” නෞකාව මෙම මස 18 වන දින දක්වා දිවයිනේ රැඳී සිටින අතර, එම කාල සීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගීවීමට නියමිතය.





