නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත් මුලතිව් හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (24) නයාරු මුහුදු ප්රදේශයේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්රා 2 ක් කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණයක්, ජීපීඑස් යන්ත්රයක් සහ නීතිවිරෝධී දැලක් ද අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

