ගිලෙමින් තිබූ ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් 3 දෙනෙකු ගේ දිවි බේරා ගැනේ
ගිණිකොන නාවික විධානයට අයත්, පානම හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) ඔකඳ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී යාත්‍රාවේ බද ප්‍රදේශය කැඩීයාම හේතුවෙන් ගිලෙමින් තිබූ “නලීෂ පුතා 4” නමැති ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් 3 දෙනෙකු බේරා ගැනීමට සමත් විය.
එහිදී එම ධීවර යාත්‍රාව මුළුමනින්ම මුහුදේ ගිලී ගිය අතර, බේරා ගත් ධීවරයන් පිරිස ගොඩබිමට ගෙනවිත් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ වෛද්‍ය ප්‍රථිකාර ලබා දීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.


