කේරළ ගංජා කිලෝග්රෑම් 2 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත් මුල්ලිකුලම් හි පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) මරිච්චුකඩ්ඩි ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 2 ක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වව්නියාව සුරාබදු දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.


