ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ “සමාර්ත්” නෞකාව කොළඹ වරායට පැමිණෙයි
ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් “සමාර්ත්” නෞකාව අද (18) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්රදායන්ට අනුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
නෞකාව කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව එහි අණදෙන නිලධාරී කපිතාන් ආනන්ද් ප්රකාශ් බඩෝලා මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා හමුවී සුහද කතාබහක නිරත විය. එහිදී මෙම නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. “සමාර්ත්” නෞකාව අගෝස්තු මස 20 වන දින ශ්රී ලංකාවෙන් පිටත්වීමට නියමිත අතර, දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කීපයකට සහ සුහද අත්පන්දු තරඟාවලියකට ද එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතය.





