වැදගත් සිදුවීම්
කේරළ ගංජා කිලෝග්රෑම් 26 .75 ක් නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම් වෙත්තලකේනි හි රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) සිදු කරන ලද සෝදිසි කිරීමක දී චැම්පියන්පත්තු ප්රදේශයේදී අතහැර දමා ගිය, ඇසුරුම් 13 ක බහා තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 26.75 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
18 Aug 2016
ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ “සමාර්ත්” නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් “සමාර්ත්” නෞකාව අද (18) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්රදායන්ට අනුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
18 Aug 2016
කේරළ ගංජා කිලෝග්රෑම් 2 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් මුල්ලිකුලම් හි පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) මරිච්චුකඩ්ඩි ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 2 ක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
18 Aug 2016