කේරළ ගංජා කිලෝග්රෑම් 4 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් කයිට්ස් හි පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා කන්චදේව සහ මණ්ඩතිව් හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා වේළුසුමන යන ආයතන වලට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඒකාබද්ධව කරන ලද වැටලීමකදී ඊයේ (18) තිරුනාල්වේලී ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 4 ක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, පේදුරු තුඩුව සුරාබදු කාර්යාලයේ නිලධාරින්ද මේ වැටලීම සඳහා නාවික හමුදා භට පිරිස් වෙත සහය දක්වා ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරු තුඩුව සුරාබදු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

