ආපදාවට පත්ව තිබූ ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් 5 දෙනෙකු ගේ දිවි බේරා ගැනේ
සාගරික මුදවා ගැනිමේ සම්බන්ධිකරණ මධ්‍යස්ථානයෙන් ලද තොරතුරකට අනුව පැනමා රාජ්‍යයට අයත් වෙළද නෞකාවක් වන “MV ඉටනිටි” නෞකාව මගින් අගොස්තු 18 වන දින කුඩා රාවණා ප්‍රදීපාගාරයේ සිට මුහුදු සැතපුම් 168 ක් දුරින් අනතුරට පත්ව සිටි ශ්‍රි ලංකා ධිවරයින් 5 දෙනෙකු බේරා ගන්නා ලදි. ඉන් පසු දකුණු නාවික විධානයට අනුයුක්ත, පී 484 සහ පී 472 වේග ප්‍රහාරක යාත්‍රා මගින් අනතුරට පත් ධිවරයින් පිරිස ඊයේ (19) කුඩා රාවණා ප්රදීපාරගාරයට මුහුදු සැතපුම් 5 ක් පමණ ඔබ්බෙන් වු මුහුදු සිමාවේදි භාර ගැනිමෙන් පසු, ගාල්ල වරාය වෙත ගෙනවුත් නිරුපද්දීතව ඔවුන්ගේ ඥාතින් වෙත භාර දිමට කටයුතු කරන ලදි .





