කේරළ ගංජා කිලෝග්රෑම් 33 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් කයිට්ස් හි පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා කන්චදේව ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (20) අයියකච්චි ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 33 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනේ සුරාබදු දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.

