එක්සත් ජනපද නාවික ලේකම් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ සංචාරයක
එක්සත් ජනපද නාවික ලේකම් ගරු රේ මේබස් මහතා අද (22) ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ සංචාරයක නිරත විය. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ගරු රේ මේබස් මහතා පිළිගන්නා ලදි. මෙහිදී ශ්‍රි ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද නාවික හමුදාවන් අතර සිදු කරනු ලබන ද්විපාර්ශවික පුහුණු වැඩසටහන නිරික්ෂණය කිරිමට ඒතුමන් හට අවස්ථාව උදා විය.
ත්‍රිකුණාමලය නාවික මැදුරේදි දෙපාර්ශවය අතර සුහද කථා බහක නිරත වු අතර, එහිදී ද්විපාර්ශවික පුහුණු කටයුතු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදි. මෙම අවස්ථාව සදහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ඇතුළු නැගෙනහිර විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගි විය.











